2050 වන විට ඔස්ට්‍රේලියාව තුළ පුනර්ජනනීය බලශක්ති රැකියා මිලියන 02 ක සේවක හිගයක්

2050 වසර වන විට ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ ඉලක්කයට අදාළව ඔස්ට්‍රේලියාව තුළ රැකියා මිලියන 02 ක සේවක හිගයක් පවතිනු ඇති බවට ෆෙඩරල් රජය පුරෝකථනය කර තිබෙනවා.

2030 වසර වන විට කාබන් විමෝචනය සියයට 43 කින් අඩු කිරිම සදහා ශ්‍රමිකයින් ලක්ෂ 02 ක් පමණ අවශ්‍ය බවටයි ගණන් බලා ඇත්තේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කරමින් ශුන්‍ය කාබන් විමෝචන ව්‍යාපෘතියට අදාල ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට අයත් ආයතන පෙන්වා දෙන්නේ අදාළ රැකියා සදහා වෘත්තිකයින්ගේ හිගයක් පවතින බවයි.

නව ශ්‍රම බලකාය ප්‍රමාණවත් නිපුණතා සහිත පිරිසක් බවට පත්කිරීමට අදාළ පුහුණු ලබා දිම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.

විදුලි කාර්මිකයන් සහ ඉංජිනේරුවන් පමණක් නොව කම්කරු ප්‍රජාව සඳහා ද මෙහිදී නව රැකියා අවස්ථා විවර වනු ඇති.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »