Search

වික්ටෝරියා විදුලිබල කොමිෂන් සභාව යලි ප්‍රතිසංස්කරණයට සැලසුම්

පෞද්ගලීකරණය කරන ලද ප්‍රාන්ත විදුලිබල කොමිෂන් සභාව යලි ප්‍රතිසංස්කරණය කිරීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තය පුරා පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාලිමට අදාල නව සැලසුම් හා යෝජනා ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍ය ජසින්තා ඇලන් අවධාරණය කර ඇත්තේ.

ඉදිරි දශකයට ගැලපෙන පරිදි බලශක්ති සැලැස්මක් සකස් කරමින් විදුලිබල කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කිරීම තම අරමුණ බව ද අගමැතිවරිය පවසනවා.

2023 වසරේ සිට 2035 වසර දක්වා කාල වකවානුව තුළ ප්‍රමුඛතා තුනක් යටතේ අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම – ගෘහාශ්‍රිත විදුලි උපකරණ භාවිතයට පමණක් ජනතාව දිරිගැන්වීම සහ පුනර්ජනනීය බලශක්ති ක්ශේත්‍රයට අදාළ රැකියා උත්පාදනය අදාළ සැලසුම් අතරට අයත්.

2022 නොවැම්බර් මස වන විට වික්ටෝරියි විදුලිබල කොමිෂන් සභාව රැකියා 60,000 ක් පමණ නිර්මාණය කර තිබුනා.

පුනර්ජනනීය බලශක්ති ශ්‍රම බලකාය දිරිමත් කිරීමේ අරමුණින් පාසැල් ඇතුලූ තවත් ආයතන කිහිපයක් සමග එක්ව නව ආයතනයක් ස්ථාපිත කිරීමට ද වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් ව ඇති බවද වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »