Search

සේවකයින්ට නිසි විවේක නොදුන්නැයි KFC ඔස්ට්‍රේලියා සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්

කාර්ය මණ්ඩල සේවකයින් හට නිසි පරිදි විවේක නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් ක්ෂණික ආහාර ක්ශේත්‍රයේ දැවැන්තයෙකු වන KFC සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබෙනවා.

මෙලෙස නඩු පවරා ඇති නීතීඥ සමාගම පෙන්වා දෙන්නේ වසර හයක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ අවන්හල් රැසක කාර්ය මණ්ඩලයට වැටුප් සහිත විවේක කාල නිවාඩු ලබා දීමට KFC සමාගම අපොහොසත් වී ඇති බවයි.

2017 ඔක්තෝබර් 25 සිට මේ දක්වා KFC හි සේවය කරන මෙන්ම දැනට සේවයෙන් ඉවත්ව ඇති ඕනෑම සේවකයකුට අදාළ නීතිමය කටයුතු සදහා සහභාගීවිමට හැකියාව පවතිනවා.

ඒ අනුව මෙම නඩුව KFC සමාගම පරාජයට පත්වුවහොත් 100,000 කට ආසන්න වත්මන් සහ හිටපු සේවකයන්ට සැළකිය යුතු වන්දි මුදලක් ලබාගැනීමටද අවස්ථාව පවතිනවා.

දැනට ඔස්ටේ්‍රලියාව තුල අවන්හල්වල සේවය කරන 40,000 කට අධික සේවක මණ්ඩලයක් ද ඊට අයත්.

බලපෑමට ලක් වූ සේවකයින්ගෙන් සියයට 90 ක් වයස අවුරුදු 24 ට අඩු තරුණ තරුණියන් බව ද සඳහන්.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »