වැටුප් වැඩි කිරීම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දකුණු ඕස්ට්‍රේලියාවේ රජයේ පාසැල් වල සේවයේ නියුතු ගුරුවරුන් ඇතුලු සේවකයන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ පැවැත්වෙන දෙවන වැඩවර්ජනය මෙය වනු ඇති.
ඕස්ට්‍රේලියානු අධ්‍යාපන වෘත්තීය සංගම් පෙන්වා දී ඇත්තේ වර්ජනය පැවැත්වීමට නිශ්චිත දිනයක් මෙතෙක් නම් කර නොමැති නමුත් බොහෝ දුරට නෙවැම්බර් 09 වනදා එය සංවිධාන කෙරෙනු ඇති බවයි.
අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දීමට නොවැම්බර් 06 වන දා තෙක් ප්‍රාන්ත රජයට කාලය ලබා දී ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ.
ගුරුවරුන් දහස් ගණනක් පසුගිය සැප්තැම්බර් මස පළමුවනදා සේවයෙන් ඉවත්වීමත් සමග දකුණු ඔස්ටේ්රලියාවේ පාසැල් 167 ක අධ්‍යාපන කටයුතු අඩාල වුණා.
කෙසේ වෙතත් නොවැම්බර් 8 වනදාට පෙර අදාළ ඉල්ලීම් වෙනුවෙන් තිරසාර විසදුම් ලබා දීමට රජය අපොහොසත් වන්නේ නම් නොවැම්බර් 9 වන දා සිට වෘත්තිය ක්‍රියාමාර්ග වල නිරත වන බවයි වෘත්තීය සංගම් අවධාරණය කර ඇත්තේ.