ගෝල්ඩ් කෝස්ට් මත්ද්‍රව්‍ය වැටලීම් වලදී $ මිලියන 30 ක මත්ද්‍රව්‍ය තොගයක්

ගෝල්ඩ් කෝස්ට් හී ස්ථාන දෙකක් ආවරණය වන පරිදි සිදු කල මත්ද්‍රව්‍ය වැටලීම් වලදී ඩොලර් මිලියන 30 ක වටිනාකමකින් යුත් නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ වැටළීම් අතර තුර එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවු අතර ඔහු සන්තකයේ තිබී ඩොලර් 20,000 ක මුදලක් සොයාගැනීමට හැකිවූ බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ක පුද්ගලයකු වන අතර අන්තරායකර මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම හා ඊට අනුබලදීම ඇතුළු වැරදි හයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහි චෝදනා ඉදිරිපත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 27 ක් තිබු බවද සදහන්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව එළඹෙන නොවැම්බර් 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »