ගාසා තීරයේ වෙසෙන සිවිල් වැසියන් වෙනුවෙන් ඩොලර් මිලියන 15 ක අමතර මානුෂීය සහනාධාර සැපයීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය සූදානම් වනවා.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමග ධවල මන්දිරයේ නිල හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි අගමැති ඇන්තනී ඇල්බනීස් එය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ.
ඊශ්‍රායල හෝ පලස්තීනය යන කුමන පාලන ප්‍රදේශයක සිටියද යුධ ගැටුම් හමුවේ සිවිල් වැසියන් පීඩාවට පත්වීම කිසිදු ආකාරයකින් අනුමත කල නොහැකි බවයි අගමැතිවරයා මෙහිදී අවධාරණය කලේ.
මේ අනුව ගාසා තීරයේ සිවිල් වැසියන් වෙනුවෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය විසින් සපයන මුලු මානුෂීය ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 25 ක් දක්වා ඉහළ යනු ඇති.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මෙම සහන බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.