
පාරිභෝගිකයන්ට spam ඝනයට අයත්වන ඊ-මේල් යැවීමේ චෝදනා මත Uber Australia ආයතනයට ඩොලර් 412,500 ක ඉහළ දඩයක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් සිදුකල විමර්ශනයක් අවසානයේදීයි මෙම දඩය පණවා ඇත්තේ.
ඇල්කොහොල් බෙදා හැරීමේ සේවාවකට අදාළව පසුගිය ජනවාරි මස 18 වනදා දිනය තුළදී පමණක් පාරිභෝගිකයන්ට spam ඊ-මේල් මිලියන 02 කට අධික සංඛ්‍යාවක් Uber Australia විසින් යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

එම ඊ-මේල් වල unsubscribe පහසුකම පවා නොතිබී ඇති අතර මීට පෙර unsubscribe කරන ලද පාරිභෝගිකයන් ලක්ෂ 05 කට පමණ ද ඒවා යොමු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය විසින් මෑතකාලීනව වෙළඳ ව්‍යාපාර රැසකට මෙම චෝදනාව මත ඉහළ දඩ නියම කරනු ලැබුවා.

ඒ අනුව පසුගිය මාස 18 තුළදී පමණක් එලෙස නියම කර ඇති දඩ ප්‍රමාණය ඩොලර් මිලියන 11 කට අධිකයි.