
ඔස්ට්‍රේලියා – අමෙරිකා සබඳතා තවත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දෙරටෙහි නායකයන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.
වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ ඊයේ රාත්‍රී පැවති මෙම සාකච්ඡාවලදී අගමැති ඇන්තනී ඇල්බනීස්ට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බව සඳහන්.
මැද පෙරදිග වත්මන් වාතාවරණය – (AUKUS) ඕකස් ආරක්ෂක ගිවිසුම – සයිබර් ආරක්ෂණය ඇතුලු කරුණු රැසක් පිළිබඳ නායනයන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ඕකස් ගිවිසුම හරහා ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට න්‍යෂ්ඨික බලයෙන් යුත් සබ්මැරීන කිහිපයක්ද ලැබීමට නියමිතයි.
අගමැති ඇන්තනී ඇල්බනීස් චීන නිල සංචාරයක් සඳහා ලබන 04 වනදා පිටත්ව යනු ඇති.
