
ලබන සතියට යෙදී ඇති හැලොවීන් උත්සවයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ චොකලට් මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
කොකෝවා මිළ වසර 44 කට පසු ඉහළම අගය මෙම සතියේදී වාර්තා කර තිබීම ඊට හේතුවයි.
මෙහි බලපෑම නත්තල් සමයටත් වඩා ලබන වසරේ පාස්කුප සමයේදී ප්‍රබලව දැනෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

එල් නිනෝ දේශගුණ විපර්යාස හමුවේ බටහිර අප්‍රිකානු රටවල කොකෝවා අස්වැන්නට දැඩි හානි සිදුව තිබීම මිළ ඉහළයාමට ප්‍රධාන හේතුවයි.
ඔස්ට්‍රේලියාවේ චොකලට් කර්මාන්තයේ නිරත සේවකයන් විශාල පිරිසක් වෙනත් ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමුවී ඇති බවද මෑතකදී වාර්තා වුණා.
