ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකරන කැන්බරා ව්‍යාපාරවලට $ 40,000 ක දඩ

ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකරන කැන්බරා ව්‍යාපාරවලට ඩොලර් 40,000 ක දඩ නියම වන පරිදි නව නීති ගෙන ඒමට ACT ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ආහාර අපද්‍රව්‍ය අවම කිරීම සහා එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත අතර එමගින් පරිසරය වන අහිතකර බලපෑම් ද අවම වනු ඇති.

ප්‍රමුඛ පෙලේ පොහොර සමාගමක් පවසන්නේ ඉවතලන ආහාර ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රයෝජන ගත හැකි බවයි.

වාර්ෂිකව ඔස්ටේ්‍රලියාව පුරා අවන්හල් වෙතින් පමණක් ඉවත දමන ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 9,500 ක් පමණ වන අතර එයින් අති බහුතරයක් නිසි ප්‍රයෝජනයකින් තොරව අක්‍රමවත්ව පරිසරයට මුදාහරින බවටයි හඳුනාගෙන ඇත්තේ.

එක් සමාගමක් විසින් පසුගිය වසරේ ආහාර අපද්‍රව්‍ය ටොන් 23.5 ක් කොම්පෝස්ට් බවට පත්කර ඇති අතර එම අගය මෙම වසර තුළ ද සපුරාලිය හැකි බව ද සදහන්.

මේ අතර අහාර අපද්‍රව්‍ය පාලනය හා කළමණාකරනය සම්බන්ධයෙන් ACT ප්‍රාන්ත ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »