ලැව්ගිනි නිසා ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශ කිහිපයක ජනතාව ඉවත් කෙරේ

ලැව්ගිනි අවධානම හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට වහාම එම ප්‍රදේශයවලින් ඉවත්වන ලෙසට ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා.

එම එක් ප්‍රදේශයකින් පිළිස්සීමට ලක්වු මළ සිරුරක් හමුවී ඇති අතර නිවාස 170 කට පමණ දැඩි අලහභානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ

ක්වින්ඩ්ලන්ඩ් හි දකුණු ප්‍රදේශයේ ලැව් ගිනි 02 ක් මේ වනවිට සක්‍රීයව ව්‍යාප්ත වෙමින් පවතින අතර ක්වින්ස්ලන්ඩ් වැසියන් මේ පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි ආරක්ෂන අංශ උපදෙස් දී ඇත්තේ.

ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා ගිනි නිවන කණ්ඩායම් රැසක් පැය විසිහතර පුරා අඛණ්ඩව සේවයේ යොදවා ඇති බවද සදහන්.

මේ වන විට සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා ලැව්ගිනි 100 කට අධික ප්‍රමාණයක් පවතින අතර ඒවා මැඩපැවත්වීම සදහා ගිනි නිවිමේ සේවකයින් අඛණ්ඩව කටයුතු කරමින් සිටිනවා.

කෙසේ වෙතත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ ඉදිරි දින දෙක තුළ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් ලැව්ගිනි අවධානම පාලනය කිරීම සදහා එය ප්‍රමාණවත් වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »