
ස්වදේශික හඩ ජනමත විචාරණය හමුවේ පසුගිය මාස 17 ක කාලය තුළ ලේබර් පක්ෂ රජයේ අවධානය සම්පූර්ණයෙන්ම වෙනත් දිශාවකට යොමුව තිබූ බවට විපක්ෂ ලිබරල් සන්ධානය චෝදනා නගනවා.
විපක්ෂ නායක පීටර් ඩට්න් පවසන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ දී ඔස්ටේ්‍රලියාව විසින් යුක්රේනයට අවශ්‍ය යුධමය සහයෝගය ලබා දීම ප්‍රමාද කිරීම පිළිගත නොහැකි බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ යුක්රේනය මුදා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කල යුතු බවයි.

මෙම තත්වය සමස්ත යුරෝපා කලාපයටම බලපෑමක් එල්ල කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කිසිවියෙකත් සාමාන්‍ය ජනතාව සමග සමීපව කටයුතු නොකරන බවට විපක්ෂ නායක පීටර් ඩට්න් චෝදනා නගනවා.
