සුප්‍රකට මගී ප්‍රවාහන නෞකාවක් වන රූබි ප්‍රින්සස් නෞකාවට එරෙහිව ගොනුකර තිබු නඩුවට අදාළව නෞකාව අයත් ඕස්ට්‍රේලියානු වරලත් සමාගමක් වරදකරු බවට ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා.
කොවිඩ් 19 වසංගතය හමුවේ අදාළ නෞකාවේ සිටි මගීන් රැකබලා ගැනීමේ රාජකාරිය පැහැර හැරීම අදාළ සමාගමට එරෙහි චෝදනාවයි.
නෞකාවේ ගමන් ගත් මගියෙකු විසින් අදාළ පැමිණිල්ල ෆෙඩරල් අධිකරණය වෙත ගොනු කර තිබුණා.
ඕස්ට්‍රේලියානුවන් 1679 ක් ඇතුළුව මගීන් 2641ක් එම අවස්ථාවේ දී නෞකාව තුල රැදි සිටි අතර වෛරසයට ගොදුරු වු මගීන් ගණන 663 ක්.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොමැති වීමෙන් නෞකාව තුල සිටි මගින් 28 දෙනෙකු කොවිඩ් 19 වෛරසයට ගොදුරුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
නෞකාව දින 13 ක සංචාරයක් සඳහා සිඩ්නි සිට නවසීලන්තය බලා යාත්‍රා කරමින් පැවති අතර කොව්ඩ් වසංගතය හමුවේ ඔස්ටේ්රලියානු දේශසීමා වසා දැමීම හේතුවෙන් දින 11 ක් මගීන් නෞකාව තුල රැදි සිටිමට සිදු වුණා.
මගීන් චෝදනා නගන්නේ වෛරසය ව්‍යාප්ත පාලනයට නිසිදු සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් අදාළ නෞකා සමාගම නොගත් බවයි.
අගතියට පත් සෑම මගියෙකු සදහාම වන්දි මුදල් පිරිනැමීමට අදාළ සමාගමට ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇති අතර වන්දි ලබාදීමේ කටයුතු අදාළ සමාගම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.