වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක කාළගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපය තුළ ප්‍රාන්ත රැසකට හිම පතනයන්, සුළි කුණාටු, අධික වැසි සහ ලැව්ගිනි ආපදාවන්ට මුහුණ දීමට සිදුවන බවට කාලගුණ අංශ ජනතාවට අනතුරු අගවා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට ඊයේ දින පැයට කිලෝමීටර් 100 ඉක්මවූ සුළං වේගයක් වාර්තා කර ඇති අතර අද වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය පහළ වැටි ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ටස්මේනියා සහ වික්ටෝරියා ප්‍රාන්තවල මුහුදු මට්ටමේ සිට මීටර් 600 ත් 900 ත් අතර ඉහළකින් පිහිටි ප්‍රදේශවලට අද සිට හිම පතනයන් අපේක්ෂා කල හැකි බවද සඳහන්.

දකුණු සහ නැගෙනහිර ප්‍රාන්තවල උෂ්ණත්වය පහළ අගයක් ගන්නා අතර එම අගය මෙල්බර්න් සඳහා සෙල්සියස් අංශක 14ක් – ඇඩිලේඩ් සඳහා සෙල්සියස් අංශක 15 ක් සහ හෝබාර්ට් සඳහා සෙල්සියස් අංශක 12 ක් ලෙසයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයන්ට අද දින උණුසුම් මෙන්ම දැඩි සුළං පවතින අතර ලැව්ගිනි අවධානමක් ද පවතින බවයි කාලගුණ අංශ අනාවැකි පල කර ඇත්තේ.

ලැව්ගිණි අවදානම ප්‍රාන්ත පුරා පැතියයෑමේ අවධානමක් පැවතිය ද ඉදිරි දින තුළ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් ලැව්ගිණි අවධානම පාලනය කර ගත හැකි බව කාලගුණ විශේෂඥයින් දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ජනතාව සැමවිට කාළගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත් බවයි අවධාරණය කෙරෙන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »