
මැද පෙරදිග කලාපයට තවත් යුධමය ආධාර පිටත්කර හැරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
වැඩබලන අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සඳහන් කලේ රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ යානා 02 ක් සහ හමුදා බල ඇණියක් මෙලෙස යැවීමට නියමිත බවයි.
කෙසේවෙතත් මැද පෙරදිග කුමන රටකට මෙම යුධමය ආධාර යැවෙන්නේ දැයි නිශ්චිතව අනාවරණය කර නැහැ.

එමෙන්ම මෙය ඊශ්‍රායල යුධ ගැටුම් සඳහා සහයවීමට නොව මැද පෙරදිග දැනට පවතින උණුසුම් වාතාවරණය හමුවේ එම කලාපයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට උපකාර කිරීමට පමණක් බවද වැඩබලන අගමැති රිචඩ් මාර්ල්ස් අවධාරණය කලා.
මේ අනුව මැද පෙරදිග කලාපයේ දැනට ස්ථානගත කර ඇති ඔස්ට්‍රේලියානු හමුදා ගුවන් යානා සංඛ්‍යාව 03 ක් දක්වා ඉහළ යනු ඇති.
