මහජන මුදලින් සූදු ක්‍රීඩා කල වික්ටෝරියා හිටපු මන්ත්‍රීට සිර දඩුවම්

වික්ටෝරියා ප්‍රාන්ත හිටපු මන්ත්‍රී රසල් නෝර්ත් ට වසර 02 කට ආසන්න කාලයක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

මහජන මුදල් ඩොලර් 180,000 කට ආසන්න මුදලක් යොදවා සූදූ ක්‍රීඩාවල නිරතවී මහජන මුදල් අවභාවිතයයි ඔහුට එරෙහි චෝදනාව වන්නේ.

මෙල්බන් නාගරික අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ චෝදනා 02 කට අදාළව 57 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා විසින් වරද පිළිගැනීමත් සමගයි.

මාස 21 ක මෙම සිර දඩුවමට අදාළව ඇප නියම කරන්නැයි ඔහුට ඉල්ලා සිටීමට හැකිවන්නේ මාස 12 ක් සිර දඩුවම විඳීමෙන් අනතුරුවයි.

වික්ටෝරියා ප්‍රාන්ත දූෂණ මර්දන කොමිසම විසින් මෙම අයථා ක්‍රියාව අනාවරණය කරගැනීමත් සමග හිටපු මන්ත්‍රී රසල් නෝර්ත් ට චෝදනා ගොණු කරනු ලැබුවේ පසුගිය වසරේදීයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »