
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
සැප්තැම්බර් කාර්තුවේදී එහි ඉහළයාම සියයට 1.2 ක් වන අතර ජූනි කාර්තුවට වඩා සියට 0.8 ක ඉහළයාමක් ලෙස සටහන් වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල දැක්වෙන්නේ.
මේ අනුව වාර්ෂික උද්ධමනය සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එහි වැඩිදුරටක් සඳහන්.

ඉන්ධන – නිවාස කුළී ගාස්තු – විදුලි ගාස්තු වල සිදුවූ ඉහළ යාම් මීට මූලිකවම බලපා තිබෙනවා.
මෙම දත්ත සමග ලබන 07 වනදාට යෙදී ඇති ෆෙඩරල් සංචිත බැංකුවේ මීළග පොළී අනුපාතික වෙනසේ දී බොහෝ දුරට cash rate අගය යළිත් ඉහළ දැමෙනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අතර උද්ධමනය යථා තත්වයට පත්වීමට දීර්ඝ කාලයක් ගතවුවහොත් අගය වැඩි කිරීමට පසුබට නොවන බව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී මිචෙල් බුලොක් පවසනවා.
2025 වසර වනවිට උද්ධමනය පහළම අගයකට ගෙන ඒම සංචිත බැංකුවේ පුරෝකථනය වන නමුත් පවතින ගෝලීය බලපෑම් හමුවේ එය වෙනස්විය හැකි බවයි ඇය සඳහන් කර සිටින්නේ.
පසුගිය දෙසැම්බරයේදී උද්ධමනය සියයට 8.4 ක උපරිම අගයකට පත්වූ අතර පසුගිය අගෝස්තු මාසයේදී සියයට 5.2 ක් ලෙස සටහන් වුණා.
දැනට ඔස්ට්‍රේලියාවේ cash rate අගය පවතින්නේ සියයට 4.1 ක් ලෙසයි.