උද්ධමනය ගැන නිල දත්ත අද – cash rate අගය ගැන රතු එළියක්

උද්ධමනය යථා තත්වයට පත්වීමට දීර්ඝ කාලයක් ගතවුවහොත් cash rate අගය වැඩි කිරීමට පසුබට නොවන බව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී මිචෙල් බුලොක් පවසනවා.

සැප්තැම්බර් කාර්තුවට අදාළ උද්ධමන සංඛ්‍යාලේඛණ අද ප්‍රකාශයට පත් කෙරෙන අතර ලබන මස 07 වනදා පොළී අනුපාතික තීරණයේදී ප්‍රධාන සාධකයක් ලෙසද එය සැළකෙනවා.

2025 වසර වනවිට උද්ධමනය පහළම අගයකට ගෙන ඒම සංචිත බැංකුවේ පුරෝකථනය වන නමුත් පවතින ගෝලීය බලපෑම් හමුවේ එය වෙනස්විය හැකි බවයි බැංකු ප්‍රධානී මිචෙල් බුලොක් සඳහන් කර සිටින්නේ.

පසුගිය දෙසැම්බරයේදී උද්ධමනය සියයට 8.4 ක උපරිම අගයකට පත්වූ අතර පසුගිය අගෝස්තු මාසයේදී සියයට 5.2 ක් ලෙස සටහන් වුණා.

දැනට ඔස්ට්‍රේලියාවේ cash rate අගය පවතින්නේ සියයට 4.1 ක් ලෙසයි.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »