සිඩ්නි – මෙල්බන් නාගරික කවුන්සිල දෙකම පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමේ ගිවිසුමක

පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමේ ගිවිසුමකට සිඩ්නි සහ මෙල්බන් යන නාගරික කවුන්සිල දෙකම අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව මෙම දශකය අවසාන වනවිට අලුතින් ඉදි කෙරෙන ගොඩනැගිලි කිසිවක ඉන්ධන හෝ ගෑස් භාවිත නොකරන මට්ටමකට ගෙන ඒමට නියමිතයි.

දැනට ඉදි කර ඇති ගොඩනැගිලිවල ප්‍රධාන සහ එකම බලශක්ති ප්‍රභවය බවට විදුලිය පත් කිරීමේ ඉලක්කය 2040 වනවිට සපුරා ගැනීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන ඉලක්කයක්.

වික්ටෝරියා සහ ප්‍රාන්ත රජයන් විසින්ද දැනටමත් මේ හා සමාන ඉලක්ක ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ෆෙඩරල් රජයේ ශුන්‍ය කාබන් විමෝචන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙසයි.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »