නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අනියම් සේවක ගුරු පුරප්පාඩු හේතුවෙන් රජයේ පාසැල්වල අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑමක් සිදුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ ප්‍රාන්තය පුරා රජයේ පාසැල් තුළ දෛනික ඉගැන්වීම් අභ්‍යාස 10,000 කට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ නියමිත ගුරු උපදේශනයකින් තොරව බවයි.
රජයේ පාසල් 2,100ක් උපයෝගී කරගනිමින් නිව් සවුත් වේල්ස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අදාළ සමීක්ෂණය සිදුකර තිබුණා.
ඒ අනුව සියයට 42 ක අනියම් ගුරු හිගයක් පවතින බවට හඳුනාගෙන ඇති අතර සෑම රජයේ පාසැලකටම ඉන් බලපෑම එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
විශේෂයෙන් ස්වදේශීක පාසැල්වල අනියම් ගුරු පුරප්පාඩු සංඛ්‍යාව සියයට 70 ක් වැනි ඉහළ අගයක පසුවන බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙලෙස ගුරු පුරප්පාඩු සංඛ්‍යාව ඉහළයෑම සමස්ථ අධ්‍යාපන පද්ධතියටම ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි.
පුරප්පාඩු පිරවීම සදහා ස්ථිර ආදේශක ගුරුවරුන් බඳවා ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ගුරු සම්මේලනය රජයට අවධාරණය කර තිබෙනවා.