ජනමත විචාරණයේ වැඩි බර ස්වදේශික ගැටලූ වලට වඩා ජීවන වියදමටයි

ස්වදේශීක හඩ ජනමත විචාරණයේ දී ස්වදේශිකයින්ගේ ගැටලූ වලට වඩා ජීවන වියදම කෙරෙහි ඡන්ද දායකයින් අවධානය යොමු කර තිබූ බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ ජනමත විචාරණයේ අවසන් දින කිහිපය තුළ ජීවන වියදම කැපී පෙනෙන සාධකයක් බවට පත්ව ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60 කට වැඩි පිරිසක් ස්වදේශීක හඩ ජනමත විචාරණ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුණා.

එහිදී ඡන්ද දායකයින් 10 දෙනෙක් අතුරින් 08 දෙනෙකුම ජීවන වියදම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

සත්‍ය වශයෙන් ස්වදේශීක ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ ඡන්ද දායකයින් 1/10 ක් පමණක් බව ද තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් රජයේ සමස්ත කාර්ය සාධන කටයුතු ද පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »