Search

චීන සූර්ය පැනල නිසා ඔස්ට්‍රේලියා විදුලිබල පද්ධතියට සයිබර් ප්‍රහාර අවධානමක්

සූර්ය පැනල භාවිතය ඉහළයාම හමුවේ ඔස්ට්‍රේලියාවේ ජාතික විදුලිබල පද්ධතියට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානම ඉහළ අගයක් පවතින බවට අනතුරු අගවා තිබෙනවා.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සූර්ය පැනල සවිකිරීම මගින් සිදුවන සයිබර් ප්‍රහාර අවධානම ඉහළ බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් ෆෙඩරල් රජය අවධාරණය කර ඇත්තේ සයිබර් ප්‍රහාරවලින් සිදුවන අවධානම පාලනය කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සුදානම් වන බවයි.

සූර්ය පැනල සවිකිරීම ඇතුලූ සයිබර් ආරක්ෂණය වෙනුවෙන් නව සැළැස්මක් සකස් කිරීම ගැනද ෆෙඩරල් රජයේ අවධානය යොමුව තිබෙනවා.

සෙනෙට් සභිකයන් කිහිප දෙනෙකුම අවධාරණය මැට් කැනවන් සදහන් කළේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාලීම සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ෆෙඩරල් රජය වැඩි අවධානයක් යොමු කල යුතු බවයි.

චීන ඔස්ටේ්‍රලියා ද්වි පාර්ශවීය සබඳතා සැලකිල්ලට ගනිමින් චීනයේ නිෂ්පාදිත සූර්ය පැනල ආනයනය සම්බන්ධයෙන් යම් වැඩ පිළිවෙලක් සකස් කල යුතු බවයි රාජ්‍ය සේවා අමාත්‍ය බිල් ශෝටන් කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »