ඔස්ට්‍රේලියාවේ “O” කාණ්ඩයේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

O කාණ්ඩයේ රුධිරය සහිත පරිත්‍යාගශීලීන් සෑම දිනයකටම තවත් 500 දෙනෙකු රුධිරය පරිත්‍යාග කිරිමේ අවශ්‍යතාවයක් පවතින බව ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය පවසනවා.

O පොසිටිව් සහ නෙගටිව් යන වර්ග 02 ටම අයත් රුධිර සංචිත වල දැඩි හිගයක් පවතින අතර ඉදිරි දෙසතිය තුළ එය තවත් උග්‍ර වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

රෝහල් විසින් වැඩි වශයෙන්ම ඉල්ලා සිටින රුධිර වර්ගය වන්නේ ද O කාණ්ඩය බව සඳහන්.

එබැවින් රුධිරය පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කරන O කාණ්ඩයට අයත් රුධිර වාහකයින් හැකි ඉක්මනින් ඒ සදහා ක්‍රියා කරන ලෙස රතු කුරුස සංවිධානය ඉල්ලා සිටිනවා.

O රුධිර කාණ්ඩය සදහා වන ඉල්ලූම මෙම වසරේදී සියයට තුනකින් ඉහළ ගොස් ඇති අතර ඉදිරි වසර තුළ එම ඉල්ලූම තවදුරටත් වර්ධනය වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

අදාළ රුධිර අවශ්‍යතා සපුරාලීම සදහා මිලියන 13 කට වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය වනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් O නෙගටිව් කාණ්ඩයේ රුධිරය පවතින්නේ සියයට හතකටත් වඩා අඩු පිරිසකට වන නමුත් සියයට 40 කට වැඩි පිරිසක් O පොසිටිව් කාණ්ඩයට අයත් වනවා.

ඒ අනුව රට පුරා වු ප්‍රාන්තයන්හි ඕ කාණ්ඩයට අයත් අමතර හිගතාවන් පහත පරිදි වේ.

New South Wales- 180
Victoria- 135
Queensland- 70
Western Australia- 65
South Australia- 20
Tasmania- 18
Australian Capital Territory- 7
Northern Territory- 5

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »