මහා පරිමාණ සමාගම් විසින් නිසි වැටුප් නොගෙවු ඔස්ට්‍රේලියානු සේවකයන් සඳහා ගෙවීමට නියමිත හිග වැටුප් අතුරින් ඩොලර් මිලියන 500 කට වැඩි මුදලක් ගෙවා අවසන් කර තිබෙනවා.
Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය පෙන්වා දී ඇත්තේ 2022 හා 2023 අතර කාලය තුල අඩුවෙන් වැටුප් ලැබූ සේවකයින් 251,475 ක් සදහා මේ යටතේ ඩොලර් මිලියන 509 ක මුදලක් ගෙවා ඇති බවයි.
නිසි වැටුප් ගෙවා නොමැති සේවකයින් අතර ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන සේවකයින්, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සේවකයින් සහ සංක්‍රමණිකයින් ඇතුලත් බවයි අනාවරණය වී ඇත්තේ
මේ අතර Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය පෙන්වා දී ඇත්තේ ප්‍රධාන ව්‍යාපාර 15 ක සේවකයින් සඳහා ඉදිරියේදී ඩොලර් මිලියන 40 ක හිග වැටුප් ගෙවීමටද සේවා යෝජකයන් එකග වී ඇති බවයි.
නිසි වැටුප් නොගෙවු ආයතන 81 ක් සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කර තිබෙන අතර එම පැමිණිලි සියල්ල ෆෙඩරල් අධිකරණය වෙත යොමු කර තිබෙනවා.
ගතවූ වසර 02 තුළදී මෙලෙස හිග වැටුප් ඩොලර් බිලියනයකට වැඩි මුදලක් සේවකයන්ට අය කරදීමට හැකිවූ බවයි Fairwork ඔම්බුඩ්ස්මන් ඇනා බූත් සඳහන් කලේ.
සේවකයින් සදහා නිසි වැටුප් නොගෙවන ආයතන ප්‍රධානීන්ට එරෙහිව දැඩි නීති පැණවීමට සුදානම් බව ද ඇය අවධාරණය කලා.