
ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා තවත් විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන 2500 ක් ස්ථාපිත කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ඒ අනුව ඉදිරි වසර තුනක කාලය තුළ ප්‍රාන්තය පුරා සෑම කිලෝමීටර 150 කටම එකක් බැගින් නව විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ සඳහා ඩොලර් මිලියන 42 ක මුදලක් වෙන් කර තිබෙනවා.

මේ අතර ගෝල්ඩ් කෝස්ට් හි පොදු ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව මේ වන විටත් ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවමින් අත්හදාබැලීම් කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.
ඉදිරියේ දී විද්‍යුත් වාහන භාවිතා කිරීමට වැඩි වශයෙන් පුද්ගලයන් දිරිමත් කිරීම සහා ඒ සදහා අවශ්‍ය පහසුකම් වැඩි වශයෙන් සලසා දීම ප්‍රාන්ත රජයේ අරමුණ බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන අමාත්‍ය මාර්ක් බේලි සදහන් කර තිබෙනවා.

රෝහල් – සිනමාහල් – සම්මන්ත්‍රණ ශාලා වැනි පොදු ස්ථාන ආශ්‍රිතව විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන රැසක් ඒ යටතේ ස්ථාපිත කිරීමට නියමිතයි.
ඇතැම් අවශ්‍ය ස්ථානවල විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන නොමැතිවීමෙන් විද්‍යුත් වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර ඉදිරියේ දී එම අපහසුතා අවම වනු ඇති බව බලධාරීන් පෙන්වා දෙන්නේ.