මූල්‍ය අර්බුදයක සිටින ගුවන් සේවයක් ඔස්ට්‍රේලියා ගුවන් ගමන් නවතයි

ඔස්ට්‍රේලියාව වෙත සිදුකරන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට වියට්නාමයට අයත් ගුවන් සේවයක් වන බැම්බු එයාර් ලයින්ස් තීරණය කර තිබෙනවා.

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටීමයි ඊට හේතුව වන්නේ.

2022 වසරේදී මෙහෙයුම් ආරම්භ කල බැම්බු එයාර් ලයින්ස්, හැනෝයි සහ හෝ චිමින් යන නගරවල සිට සිඩ්නි සහ මෙල්බන් නගර දක්වා ගුවන් ගමන් පවත්වාගෙන යනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවට අමතරව ලන්ඩන් සහ ෆ්‍රැන්ක්ෆර්ට් නගර දක්වා ක්‍රියාත්මක කල ගුවන් ගමන්ද ඔවුන් විසින් අවලංගු කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙමගින් ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර සංචාරකයන්ට තරමක අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »