ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් තරගාවලියේ දී චමරිගෙන් ඉහළ දක්ෂතා

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

ඒ අනුව ඊයේ පැවති තරගයෙන් ලකුණු 42 ක ජයක් හිමි කර ගැනීමට සිඩ්නි තන්ඩර්ස් පිල සමත් වුණා.

සිඩ්නි සික්සර්ස් පිලට එරෙහිව නෝර්ත් සිඩ්නි හිදී පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් තන්ඩර්ස් පිල කඩුලූ 05 ක් දැවී ලකුණු 190 ක් රැස් කළා.

සාර්ථක ආරම්භයක් දුන් චමරි අතපත්තු හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල සිඩ්නි සික්සර්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09 ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 20 කට කඩුලූ 3ක් බිඳ හෙළූ අතර, තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා ගත්තා.

SOURCE / CREDIT – SBS

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »