
ඉදිරි වසර 02 සඳහා ඔස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් බිලියන 05 ක මුදලක් ආයෝජනය කිරීමට ලොව ප්‍රධාන පෙලේ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් තීරණය කර තිබෙනවා.
කෘත්‍රීම බුද්ධිය අංශය නගා සිටුවීමට එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව සඳහන්.
වසර 40 කට පමණ පසු විදේශීය තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් ඔස්ට්‍රේලියාව තුළ සිදුකරන දැවැන්තම ආයෝජනය මෙය වීම විශේෂත්වයක්.

අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ අමෙරිකා නිල සංචාරයේ පළමු දිනයේදී මීට අදාළව සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා තිබුණා.
ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සයිබර් ප්‍රහාරවලින් වළක්වා ගැනීමට නව ආරක්ෂණ පියවර ගැනීමටද මෙහිදී පියවර ගැනීමට නියමිතයි.

cloud computing ක්ෂේත්‍රය පුලුල් කිරීමට ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 03 කට පුහුණුව ලබාදීම / නව සයිබර් ඇකඩමියක් පිහිටුවීම වැනි යෝජනා ද මෙම ගිවිසුමට ඇතුළත්.
ඔස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනට පවතින උග්‍ර සේවක හිගය මගහරවාලීමටද මෙය ඉවහල් වනු ඇති.