Search

ජීවන වියදම ඉහළ යෑමත් සමග සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරා ගැනීම ඉහළට

ජීවන වියදම ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් විසින් සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරා ගැනීම සහ මුදල් නොගෙවා ඉන්ධන ලබාගැනීම ඉහළ ගොස් තිබෙනවා.

Finder ආයතනය විසින් පුද්ගලයන් 1,000 ක් යොදාගෙන සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ සියයට 12 ක පමණ පිරිසක් ගතවූ මාස 12 තුළදී තුමන හො ්භාණ්ඩ සොරාගැනීමක් සිදුකර ඇති බවයි.

එය සමස්ත ජනගහණයෙන් මිලියන 2.4 කට ආසන්න බව සඳහන්.

මූල්‍ය ආතතිය හේතුවෙන් මෙලෙස ඔස්ට්‍රේලියානුවන් සුපිරි වෙළඳ සැල් – සාප්පු සංකීර්ණ – ඉන්ධන පිරවුම්හල් වලින් මෙලෙස සොරකම් කිරීම කර ඇති බව පිළිගෙන තිබෙනවා.

සුපිරි වෙළඳසැල්වල ස්වයං සේවා වලදී සියයට 05 කට ආසන්න පිරිසක් නිවැරදි දත්ත ඇතුලත් නොකිරීමෙන් සොරකම් සිදුකරන අතර සියයට 04 ක ප්‍රමාණයක් තමන් ස්කෑන් කරන භාණ්ඩ වෙනුවෙන් අසත්‍ය දත්ත ඇතුළත් කර ඇති බව සඳහන්.

සියයට 02 ක පමණ පිරිසක් කැෆේ ඇතුලූ අවන්හල්වලින් මුදල් නොගෙවාම පිටවන බවටයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට මසකට අවශ්‍ය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා ඩොලර් 740ක මුදලක් වැය වන අතර පසුගිය මාස 12ක කාලය තුළ එම අගය සියයට 07 කින් ඉහළයාම මෙලෙස සොරකම් සදහා පෙළඹීම කෙරෙහි බලපා ඇති බවයි සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

සොරකම් ඉහළයැමත් සමග වෙළදසැල් ආශ්‍රිත ආරක්ෂාව තර කිරීමට අදාළ ප්‍රධානීන් කටයුතු කර ඇති අතර මුදල් ඉතිරි කර ගැනීම සදහා ඔස්ට්‍රේලියානුවන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »