පෙට්‍රල් ඇතුලූ ඉන්ධන මිළ ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවට දැඩි මතවාදයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම වසරේ ජූලි සිට සැප්තැම්බර් මස දක්වා මාස 03 ක කාලය තුළ පෙට්‍රල් මිල සියයට 07 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඊශ්‍රායල් – හමාස් යුධ ගැටුම් හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ගණන් වලට ද දරුණු බලපෑමක් ඇතිවනු ඇති බවටයි ආර්ථික විශේෂඥයින් අනතුරු අගවා ඇත්තේ.
කෙසේ වෙතත් මැදපෙරදිග යුධ තත්වයන් ඇතිවීමට පෙර සිටම ඔස්ටේ්‍රලියාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබිම විශේෂත්වයක්.
විචාරකයින් පෙන්වා දෙන්නේ මෙලෙස ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළ යෑම ඔස්ටේ්‍රලියානුවන්ගේ ජීවන අර්බුධයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.