
ස්වදේශික භාෂා රැකගැනීමේ අරමුණින් නව උපාය මාර්ගික සැළැස්මක් හදුන්වා දීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පැරණි ස්වදේශික භාෂාවන්ට ප්‍රමුඛත්වය දෙමින්, ප්‍රාන්තයේ විවිධ භාෂා කණ්ඩායම් හදුනා ගැනීම ඇතුලූ අරමුණු 40 කින් සමන්විත සැලැස්මක් ක්‍රියාතමක කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත්තේ.
අදාළ භාෂා ප්‍රතිසංස්කරණ ඇති කිරීම සදහා ආයතන හා සංවිධාන 25 ක් වෙත ඩොලර් 238,000 ක මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට නියමිත අතර එම ප්‍රතිපාදන භාෂා 42 ක් සංරක්ෂණය සදහා සහය වනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් ස්වදේශික භාෂා උපදේශක කමිටුව සඳහන් කර ඇත්තේ ප්‍රාන්තය තුළ ස්වදේශික භාෂා 150 ක් පමණ පැවති බවයි.
එහෙත් මේ වන විට යම්තාක් හෝ භාවිතයේ පවතින භාෂා ගණන 20 කට සීමා වී තිබෙනවා.

ස්වදේශික අමාත්‍ය ලීයන් ඉනොක් සදහන් කර ඇත්තේ භාෂා පුණර්ජීවනයක් ඇති කිරිම ඇතුලූ ඔස්ටේ්‍රලියානු දරුවන් හට ස්වදේශික භාෂා ඉගෙනගැනීමට පෙළඹවීමක් ඇති කිරීම ප්‍රාන්ත රජයේ අරමුණ බවයි.
ඒ අනුව ස්වදේශික සම්ප්‍රදායික ගීත, කතා පොත් ඇතුලූ රූප සටහන් පරිවර්තනය කරමින් පාසැල් තුළ මෙන්ම ප්‍රාන්තය පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි මේ යටතේ සැළසුම් කර ඇත්තේ
ඉදිරි වසර 03 ක කාලය තුළ පැරණි භාෂා සංස්කෘතින් රැකගනිමින් නව උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට නියමිතයි.