
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවලංගු කිරීම හේතුවෙන් ගෙවීමට නියමිත වු ඩොලර් මිලියන 380 ක වන්දි මුදල පොදු රාජ්‍ය මණ්ඩලයට, වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙතෙක් ගෙවා නොමැති බව හෙළිකරගෙන තිබෙනවා.
වික්ටෝරියා බළධාරීන් සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පවතින බදු ප්‍රතිපත්ති අනුව කොපමණ මුදලක් නිශ්චිතවම ගෙවිය යුතු දැයි තහවුරු නොවීම හේතුවෙන් අදාළ වන්දි මෙතෙක් ගෙවීමට නොහැකි වු බවයි.
බි්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයට අවශ්‍ය වී ඇත්තේ වික්ටෝරියානු රජයෙන් තම සම්මේලනයට ගෙවිය යුතු බදු මුදල් කොපමණදැයි නිශ්චිතව ගණනය කර ගැනීමයි.

කෙසේ වෙතත් වික්ටෝරියානු ප්‍රාන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් විසින් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට අදාළ වන්දි මුදල් ගෙවීමට පසුගිය අගෝස්තු මස පොරොන්දු වී තිබුණා.
කිසියම් අයුරකින් නව සත්කාරක රාජ්‍යයක් ඉදිරිපත් වුවහොත් අදාළ වන්දි මුදල පියවීම ඔවුන්ට පැවරෙනු ඇති බවටද මත පළවනවා.

ගෝල්ඩ් කෝස්ට් නගරාධිපති ටොම් ටේට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වය දැක්වීමට මේ වනවිටත් කැමැත්ත පල කර තිබෙනවා