සේවකයින් 250 දෙනෙකු උපයෝගි කරගනිමින් දින 04 ක වැඩ කරන සතිය අත්හදා බැලීමට ඔස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගමක් වන Medibank පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සේවා ස්ථානය තුළ සේවක සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම ඇතුලූ ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සම්පන්නම සේවා ස්ථානය බවට පත්වීම Medibank හි අරමුණයි.
අදාළ ක්‍රියාවලිය මාස හයක් අත්හදා බැලීමට සැලසුම් කර ඇති බව සඳහන.
එහිදි සේවකයින් වැඩ කරන පැය ගණන සියයට 80 දක්වා පහත දමන අතර රැකියා ඵලදායිතාව මෙන්ම වැටුප් පරිමාණය සියයට සියයක් ලෙස 100 තුල රදවා ගැමීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ වනවිට රට තුල ආයතන ගණනාවක් දින 04 ක වැඩ සතිය අත්හදා බැලීම් සිදු කරමින් පවතිනවා.
එමගින් සේවක ඵලදායිතාව ඉහළ නැංවිම, දෛනික පැමිණිම ඉහල අගයක් ගැනීම මෙන්ම රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ප්‍රමාණය අඩු කර ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමුඛ පෙලේ පාරිභෝහික සේවා සැපයුම් ජාලාවක් වන යුනිලිවර් සමාගම ද දින 04 ක වැඩ සතිය අත්හදා බැලීම නවසිලන්තය තුල ඉතා සාර්ථකව සිදු කර ඇති අතර ඉදිරියේ දී ඔස්ට්‍රේලියානු සේවකයින් 500 ක් උපයෝගි කරමින් අත්හදා බැලීම් සිදු කිරිමට නියමිතයි.