මෙල්බන් නගරයේ යෝජිත නව මෙට්‍රෝ ව්‍යාපෘතියේ අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවෙනු ඇති බවට අනාවැකි පළවනවා.
ඉදි කිරීම් අසල පිහිටා ඇති රෝහල්වල කටයුතු සඳහා බාධා එල්ලවීම ඊට හේතුවයි.
දුම්රිය ව්‍යාපෘතිය සඳහා භාවිත කරන ඇතැම් උපකරණවල සංඥා හමුවේ රෝහල් උපකරණ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
එම ගැටලු නිරාකරණය කරන තෙක් දුම්රිය ව්‍යාපෘතියේ අත්හදා බැලීම් නතර කෙරෙනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
2025 වසර වනවිට මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.