අගමැති ඇල්බනීස් සහ ලේබර් පක්ෂ ජනප්‍රියතාවය කැපී පෙනෙන අන්දමින් පහළට

අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ සහ පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියතාවය කැපී පෙනෙන අන්දමින් පහළ වැටී තිබෙනවා.

ස්කයි නිවුස් මාධ්‍ය ආයතනය සිදුකර ඇති සමීක්ෂණයකදී දැක්වෙන්නේ ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ලැබූ පරාජය ඊට ප්‍රධාන හේතුව බවයි.

පසුගිය ජූනි සිට ගතවූ කාලසීමාව තුළ අගමැතිවරයාගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් අඩුවී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමග නිල හමුවක් සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් සිව් දින නිල සංචාරයක් වෙනුවෙන් වොෂින්ටන් නගරයට පැමිණ තිබෙනවා.

AUKUS (ඕකස්) ගිවිසුම යටතේ වන සබ්මැරීන මිළදී ගැනීම් ගණුදෙනුව සහ චීන සබඳතා මෙන්ම මැද පෙරදිග වත්මන් තත්වය පිළිබඳව එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

තවත් සති 02 කින් චීන නිල සංචාරයකට යාමට පෙර ඔස්ටේ්‍රලියා අගමැතිවරයා විසින් අමෙරිකා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »