ඔස්ට්‍රේලියානුවන් විසින් බදු සහන පාරාදීස රටවල $ බිලියන 370 ක් සගවා ඇතැයි තොරතුරු

ඔස්ට්‍රේලියානුවන් විසින් බදු සහන පාරාදීස ලෙස හැඳින්වෙන රටවල සගවා ඇති මුදල ඩොලර් බිලියන 370 කට අධික බවට තක්සේරු කර තිබෙනවා.

මෙහිදී 2020 වසරට අදාළව ජාතික භාණ්ඩාගාරයට අයවීමට නියමිතවූ ඩොලර් බිලියන 11 ක බදු මුදලක් අහිමිවී ගොස් ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේවෙතත් පසුගිය වසර 10 සැළකීමේදී ලොව පුරා බදු පැහැර හැරීම්වල අඩුවක් දක්නට ලැබෙන බව ද මෙම වාර්තාවෙහි අන්තර්ගතයි.

ලොව පුරා සිටින බිලියනපතියන් විසින් නිසි පරිදි බදු ගෙවීම් පැහැර හැරීම සඳහා සුප්‍රකට සමාගම් උපයෝගී කරගන්නා බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ඔවුන් විසින් සිය ආදායමෙන් බදු ලෙස ගෙවනුයේ සියයට 0 ත් 0.5 ත් අතර මුදලක් පමණක් බවටද මෙම වාර්තාව චෝදනා කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »