Search

වසර තුළ 03 වන වරටත් ඔස්ට්‍රේලියාව තුළ වෛද්‍ය ගාස්තු ඉහළට – $ 100 ඉක්මවයි

මෙම වසර තුළ 03 වන වරටත් ඔස්ට්‍රේලියාව තුළ වෛද්‍ය ගාස්තු ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය වෛද්‍ය උපදේශන සැසියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට වැය කිරීමට සිදුවන මුදල ඩොලර් 102 දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය සම්මේලනය විසින් වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත්තේ ඉහළ ගොස් ඇති සෙසු වියදම්වලට සාපේක්ෂව වෛද්‍ය ගාස්තු ද ඉහළ දමන ලෙසයි.

පසුගිය මාර්තු මාසයේදී වෛද්‍ය ගාස්තු ඩොලර් 90 දක්වා වැඩි කෙරුණු අතර ජූලි මාසයේදී එය ඩොලර් 98 ක් දක්වා ඉහළ දමනු ලැබුවා.

කෙසේවෙතත් විශ්‍රාමිකයන් – විවිධ සුබසාධන දීමනා ලබන්නන් සහ වයස අවුරුදු 16 ට අඩු ළමුන් වෙනුවෙන් වන මෙඩිකෙයාර් සහන ලබන නොවැම්බර් 01 දා සිට පුලුල් කිරීමටද නියමිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »