සිඩ්නි නාගරික කලාපයේ තවත් මාර්ග කිහිපයක උපරිම වේග සීමා සැළකිය යුතු අගයකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙතෙක් පැයට කිලෝමීටර් 80 ක උපරිම වේගයක් පැවති ඇතැම් මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමීටර් 50 දක්වා අඩු කිරීමට නියමිතයි.
තවත් මාර්ගවල උපරිම වේගය පැයට කිලෝමිටර් 60 සිට 40 දක්වා පහළ දැමීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර ඇත්තේ.
වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ තෝරාගත් මාර්ග කිහිපයක උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 30 ක් වැනි පහළ අගයකට අඩු කිරීමයි.
එමෙන්ම මාර්ග ගණනාවක දැනට පවතින උපරිම වේග සීමා පැයට කිලෝමීටර් 10 ත් 20 ත් අතර අගයකින් පහළ දැමීමට නියමිත බවයි පැවසෙන්නේ.