චීන වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව අවලංගු කලැයි RMIT විශ්ව විද්‍යාලයට චෝදනා

චීන වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පැවැති උපාධි පාඨමාලාවක් අවලංගු කිරීම සම්බන්ධයෙන් RMIT විශ්ව විද්‍යාලයට චෝදනා එල්ල වනවා.

ඒ අනුව සතිපතා විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ විරෝධතා පැවැත්වීමටයි සිසුන් කටයුතු කරමින් සිටින්නේ.

මීට සමගාමීව ඔන්ලයින් පෙත්සමක්ද අත්සන් තැබීම ආරම්භ කර ඇති අතර ඊට අත්සන් 8,000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් RMIT විශ්ව විද්‍යාලය පවසන්නේ 2019 වසරේ සිට මෙම පාඨමාලාවට ලියාපදිංචි වූ සිසුන් ගණන සියයට 40 කින් පමණ පහළ වැටීම සැළකිල්ලට ගෙන එය නතර කිරීමට තීරණය කල බවයි.

ලබන වසරේ සිට නව සිසුන් බඳවා නොගැණුනද දැනටමත් අදාළ පාඨමාලාව හදාරන සිසුන්ට කිසිදු අවහිරයකින් තොරව අධ්‍යයන කටයුතු අවසන් කල හැකි වනු ඇති.

ඒ අනුව අවසාන ශිෂ්‍ය කණ්ඩායම උපාධිය අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2030 වසරේදීයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »