Search

ඔස්ට්‍රේලියානු වයින් සඳහා චීනය පණවා ඇති තීරු බදු පිළිබඳ නැවත සමාලෝචනයක්

ඔස්ට්‍රේලියානු වයින් සඳහා පණවා ඇති තීරු බදු පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට චීනය එකග වී තිබෙනවා.

ලබන මාසයේ මුලදී චීනයේ නිල සංචාරයකට නිරතවීමට පෙර අගමැති ඇන්තනී ඇල්බනීස් විසින්ප ඒ සම්බන්ධ නිල නිවේදනයක් නිකුත් කරනු ඇති.

ඔස්ට්‍රේලියානු වයින් සඳහා චීනය විසින් සියයට 220 ක තීරු බදු පණවනු ලැබුවේ 2020 වසරේදීයි.

එය මෙරට වයින් නිෂ්පාදන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරනු ලැබුවා.

සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් චීනය බලා පිටත්වයාමට නියමිතව ඇත්තේ ලබන මස 04 වනදායි.

2016 වසරෙන් පසු ඔස්ට්‍රේලියානු අගමැතිවරයෙකු චීනයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »