Search

ලබන 27 දා සිට ක්වන්ටාස් – ජෙට් ස්ටාර් ගුවන් ගාස්තු ඉහළට

ගුවන් ගාස්තු ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් සහ ඊට අනුබද්ධ අඩු පිරිවැය ගුවන් සේවය වන ජෙට් ස්ටාර් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු සියයට 03 ත් 3.5 ත් අතර අගයකින් ඉහළ දැමීමට නියමිතයි.

මැද පෙරදිග පවතින වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ ඉහළයාම – ඔස්ට්‍රේලියානු ඩොලරයේ පහළයාම ඇතුලු සාධක රැසක් මීට බලපා ඇති බවයි ක්වන්ටාස් සමූහය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් මෙම ගාස්තු වැඩි කරන කාලසීමාව සම්බන්ධයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ආයතන සහ සංචාරක නියෝජිතයන් අප්‍රසාදය පළකර තිබෙනවා.

නත්තල් සමයට සමගාමීව ඉදිරියේදී විශාල පිරිසක් නිවාඩු ගත කිරීමට යාමට සූදානමින් පසුවීම හමුවේ මෙම ගාස්තු වැඩි කිරීම අසාධාරණ බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »