Search

කුඩා ළමුන්ට වැළදෙන ශ්‍රවණ ආබාධ වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් නව එන්නතක්

කුඩා ළමුන්ට වැළදෙන ශ්‍රවණ ආබාධ වැළැක්වීම සඳහා නව එන්නතක් දකුණු ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් අත්හදා බලා තිබෙනවා.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත මගින් ශ්‍රවණාබාධ සම්බන්ධ බොහෝ ගැටලූ වලට පිළියම් ලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විශේෂයෙන් බැක්ටිරියා මගින් කණට සිදුවන ආසාධන අවම කිරීමට මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

වයස අවුරුදු 10 ත් 15 අතර දරුවන් සඳහා මෙම එන්නත වඩාත් සුදුසු බවට නිර්දේශ කෙරෙනු ඇති බව සඳහන්.

වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුවීය නොහැකි ශ්‍රවණ ආබාධ සහිත දරුවන්ට මෙම එන්නත වඩාත් යෝග්‍ය වනු ඇති.

ශ්‍රවණාබාධ ඇති වීමේ බැක්ටිරීයාවකට ළමයෙකු නිරාවරණය වුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළින් එය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීමට මෙම එන්නත මගින් හැකියාව උදා වනවා.