නිරිත දිග වික්ටෝරියාවේ රික්ටර් මාපකයේ ඒකක 5.0 ක භූ චලනයක් හටගෙන තිබෙනවා.
ඇපොලෝ බේ සහ කොලැක් යන ප්‍රදේශවල පුද්ගලයන් 5.000 කට ආසන්න පිරිසක් විසින් එය දැණුනු බවට වාර්තා කර ඇති බවයි වික්ටෝරියා හදිසි සේවා අංශ සඳහන් කලේ.
අද අලුයම 2.11 ට පමණ පළමු කම්පනය හටගෙන තිබූ අතර පෙරවරු 5.44 ට පමණ පසු කම්පනයක් ද වාර්තා වී තිබුණා.
කෙසේවෙතත් මෙහිදී කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් සටහන් වී තිබුණේ නැහැ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකින් මෑතකාලීනව සුලු භූ චලනයන් වාර්තා වුණා.