නිවු සවුත් වේල්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක විෂ සහිත සර්පයන් නිරීක්ෂණය ඉහළ ගොස් ඇති බවට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
මෙවර උණුසුම් කාළගුණය හේතුවෙන් සර්ප විශේෂ මෙලෙස පරිසරයට නිරාවරණය වීම ඉක්මන් වීමේ ප්‍රවණතාවක් පවතින බවයි උද්භිත විද්‍යා විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
එබැවින් නිවස ආශ්‍රිත පරිසරය එලිපෙහෙළි කර නිසි පරිදි නඩත්තු කර තබාගන්නා ලෙස මහජනයාට උපදෙස් ලබා දෙනවා.
උද්‍යාන සහ ළදු කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල ගමන් ගන්නා විට ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන යන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.
සර්ප දෂ්ඨ කිරීමකට ගොදුරුවුවහොත් වෙලූම්පටියක් ගෙන එම ස්ථානය නිසි පරිදි වෙළීම මගින් විශ ශරීර ගතවීම පාලනය කරගත හැකි අතර කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.
විශ ශරීර ගතවී පළමු විනාඩි 30 තුළ නිසි ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම අත්‍යාවශ්‍ය බවද සිහිපත් කෙරෙනවා.