ඔස්ට්‍රේලියානුවන් විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස ඉහළට

ඔස්ට්‍රේලියානුවන් සේවයෙන් විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම දත්ත වාරතාවක දැක්වෙන්නේ මේ වනවිට විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස අවුරුදු 56 ඉක්මවන බවයි.

2018 වසරේදී ඔස්ටේ්‍රලියානු කාන්තාවන් විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස අවුරුදු 52 ක් ලෙස පැවති අතර මේ වනවිට එය අවුරුදු 54 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහෙත් පුරුෂයන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 59 ක් ලෙසම පවතින නමුත් මාස කිහිපයකින් එම අගය අඩුවී ඇති බව සඳහන්.

ඉදිරි වසර 05 තුළදී විශ්‍රාම යාමට අපේක්ෂාවෙන් සිටින පිරිස 673,000 ක් පමණ වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

දැනට පවතින ආර්ථික තත්වයන් යටතේ විශ්‍රාම යාමෙන් පසු වියදම් පියවා ගැනීමට තනි පුද්ගලයෙකුට වසරකට ඩොලර් 50,000 ක සහ යුවළකට ඩොලර් 70,000 ක මුදලක් අවශ්‍ය කරන බවට තක්සේරු කර තිබෙනවා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »