
පලස්තීනයට සහය පතා දැවැන්ත විරෝධතා පෙළපාලියක් මේ වනවිට සිඩ්නි නගරයේදී පැවැත්වෙනවා.
9,000 කට වැඩි පිරිසක් ඊට එක්ව සිටින බවයි සංවිධායකයන් සඳහන් කර ඇත්තේ.
සිඩ්නි නගර ශාලාවේ සිට බෙල්මෝර් පාර්ක් උද්‍යානය දක්වා පාගමනකින් පැමිණ එතැන රැළියක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින් විරෝධතා පාඨ ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.
පසුගිය සති අන්ත 02 දීත් ඊශ්‍රායලයට සහ පලස්තීනයට සහය දක්වමින් මෙලෙස සිඩ්නි සහ මෙල්බන් නගරවල විරෝධතා පැවැත්වුණා.
