අමෙරිකා ජනපති – ඔස්ට්‍රේලියා අගමැති හමුවක් ලබන සතියේ වොෂින්ටනයේදී

ධවල මන්දිරයේදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීමට ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.

දින 04 ක නිල සංචාරයක් සඳහා ලබන සතියේදී වොෂින්ටන් නුවර බලා පිටත්වයාමටයි ඔහු නියමිතව සිටින්නේ.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ.

මැද පෙරදිග කලාපයේ වර්තමාන තත්වය පිළිබඳවද නායකයන් දෙපළ සාකච්ඡා කරනු ඇති බව සඳහන්.

ජාත්‍යන්තර නායකයන් රැසක් ඊශ්‍රායලයට ගොස් සහය පලකරන වාතාවරණයකදී මෙතෙක් එවැන්නක් සිදු නොකිරීම සම්බන්ධයෙන්ද අගමැති ඇන්තනී ඇල්බනීස්ට චෝදනා එල්ල වනවා.

කෙසේවෙතත් තමන් කිසිදු අයුරකින් ඊශ්‍රායලයේ සංචාරයකට නොයන බවයි අගමැති ඇල්බනීස් ඊයේ අවධාරණය කලේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »