Australia Post පාරිභෝගිකයන් ඉලක්ක කරගත් නවතම වංචාවක්

Australia Post පාරිභෝගිකයන් ඉලක්ක කරගත් නවතම වංචාවක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගිකයන් විසින් මෙතෙක් ලබා නොගත් විවිධ පාර්සල් ඩොලර් 03 යි ශත 43 ක් වැනි ඉතා සුලු මුදලකට මිළදීගත හැකි බවටයි ව්‍යාජ දැනුම්දීමක් සිදු කර ඇත්තේ.

මේ හරහා අයථා අන්දමින් බැංකු ගිණුම් විස්තර ලබා ගැනීමක් සිදුවන බව සඳහන්.

Australia Post විසින් කිසිදු අවස්ථාවක බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටීමක් සිදු නොකරන බවයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අවධාරණය කර සිටින්නේ.

මෙවැනි වංචාවක් පිළිබඳ තොරතුරු ලදහොත් ප්‍රතිචාර නොදක්වා වහා නිසි බළධාරීන් වෙත පැමිණිලි කරන ලෙසටයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »