
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 18 ඉක්මවූවන් අතුරින් සියයට 10 ක් පමණ ගතවූ මාස 12 තුළදී දෙමාපියන් සමග නැවත වාසය කිරීම සඳහා පැමිණ ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
පුද්ගලයන් 1073 ක් අදාළ කරගනිමින් ආයතනය සිදුකල පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ එළෙස ආපසු පැමිණි පිරිස අතුරින් සියයට 30 ක් යළි පැමිණ ඇත්තේ දැරිය නොහැකි නිවාස කුළී හේතුවෙන් බවයි.
තවත් සියයට 30 ක පිරිසක් නව නිවාස තැන්පතු සදහා මුදල් ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් සමග වාසය කිරීමට පැමිණ ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අධික ජීවන වියදම හමුවේ තම වියදම් නිසි පරිදි කළමණාකරණය කරගනිමින් ස්වාධීනව ජීවත් වීමට නොහැකි වීම ද ළමුන් දෙමාපියන් වෙත පැමිණීමේ තවත් ප්‍රමුඛතාවයක් බවට පත්වී තිබෙනවා.
රැකියා අහිමි වීම, මවුපියන්ගේ රැකවරණය ඇතුලූ හේතූන් මුල් කරගනිමින් ද තරුණ ප්‍රජාව දෙමාපියන් වෙත පැමිණීමේ ප්‍රවණතාවය ඉහළගොස් තිබීම විශේෂත්වයක්.
