වික්ටෝරියා කිරි සේවක වර්ජනය බරපතල වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි කර්මාන්තයේ නිරත සේවකයන් සහ නිෂ්පාදන සමාගම් හිමිකාරීක්වය අතර එකගතාවයක් ඇති නොවුණහොත් කිරි ආශ්‍රිත නිශ්පාදනවල මිල ගණන් ඉහළ යා හැකි බව අනතුරු අගවා තිබෙනවා.

වැටුප් වැඩිවීමක් ඇතුලූ සේවා කොන්දේසි කිහිපයක් මුල්කරගනිමින් සේවා ස්ථාන 13 ක සේවකයන් 1,000 කට අධික පිරිසක් පසුගියදා පැය 48 ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු කිරි නිෂ්පාදකයින්ගේ සම්මේලනයේ සභාපති ජෝන් විලියම්ස් සඳහන් කළේ අදාළ ඉල්ලීම් වෙනුවෙන් නිසි පිළියම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ හේතුවෙන් කිරි ආශ්‍රිත ආහාර නිශ්පාදන සීඝ්‍ර ලෙස පහත වැටි ඇති අතර එයින් පාරිභෝගිකයින්ට වන බලපෑම ද ඉහළ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් කිරි නිෂ්පාදකයින්ගේ වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ අධික පිරිවැය, විදේශ තරගකාරිත්වය ඇතුලූ සාධක හේතුවෙන් වික්ටෝරියා කිරි කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »